Saturday, May 27, 2017

දෙසවන් සොයනා ආත්මීය හඬ අපෙ සිත් හඳුණා ගත්තාලූ

නුවර  වැව අබියස කසුන් සහ සත්‍යා..ඡායාරූපය - ඉඳුවර ගුණසේකර



එන සති අන්තයේ කූඩු වෙන බ්ලොග් ලෝකේ රුවැත්තිය සත්‍යා නිර්මාණී කිරිල්ලියටත් කසුන් නයනජිත් කුකුලා සොරි කුරුල්ලාටත් කවියෙන් සුභ පැතීමක් ප්‍රේම කථා ඔස්තාද් රවී වීරසිංහ ශ්‍රීමතාණන් විසින් පල කර තියෙනවා. ඔහුගේ සුභ පැතීමේ කවියේ ඇති සෑම පැතුමක්ම බ්ලොග් ලියන කියවන අපි හැමෝගේම පැතුම බව මට විශ්වාසයි.

Monday, May 22, 2017

යහපාළුවන්ගේ වෙන්දේසි බන්දේසි ආර්ථිකය


යහපාලන නායකයෝ කරන්නේ වෙන්දේසි බන්දේසි ආර්ථිකයක් කියලා මැයි දිනේදි හිටපු නායකතුමා කිව්වා. හැමදේම ඉන්දියාවට එහෙම නැත්නම් චීනෙට විකුණන්න කථා කරන යහපාලකයෝ කරන්නෙ විකුණාගෙන කෑමක් තමයි. ඒගොල්ලො ඒ අතින් කොච්චර නරකද. කිසිම දේශීය හැඟීමක් නැති අය. 

Saturday, May 20, 2017

ලෝකය නටවන අපේ අය

Geopolitics

අපි හරිම කැමතියි අපි ඉන්න පරිසරය අපේ පාලනය යටතේ තියෙනවනම්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මට මතක විදිහට එහෙම කාලයක් මට තිබ්බෙ මොන්ටිසෝරියට යන්න ඉස්සෙල්ල. හැම දේම මට ඕන විදිහට. අම්මල තාත්තල, අයිය, ආච්චි අම්ම එහෙම මම් 'හ්ම්' කිව්වොත් ඒක තමයි අවසාන තීරණය. ඊට ටික කාලෙකට පස්සෙ මල්ලි කෙනෙක් එකතුවෙලා මගේ ඒ සුවිශේශී බලපරාක්‍රමය පැහැරගත්ත. ඊට පස්සෙ එයා තමයි බොස් වුණේ.

ඉස්කෝලේ යනකොටත් එතන ගුරුවරු ගේ බලයයි, මට වඩා ශක්තිය තියෙන අයගෙ බලයයි එක්ක මොලේ පාවිච්චි කරල ඇඟ පත තලාගන්නෙ නැතුව ඉන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ මගේ වුවමනාවට ජාති දාති දාන්න ගියා නම් කෝටු කිතයියල දෙතුන් දෙනෙකුට නෙලන්න පුළුවන් වුනත් කාගෙන් හරි ගුටි කනව. ඒ නිසා තමයි එක එක්කෙනාගෙ දක්ෂකම්, බලපුළුවන්කාරකම්, සම්බන්ධකම්, වගේ දේවල් ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න වුණේ.

Thursday, May 18, 2017

අන්තරේ පෙළපාලි සංවිධානය ගැන පසුබිමේ රහස්


අන්තරේ සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවත්වන අන්තර් ප්‍රිම්යර් ලීග් ශූරතාවය සඳහා ඊයේ තවත් සාර්ථක තරඟයක් නිමා වුණා කියලා දන්නවනෙ. හැම ඉවෙන්ට් එකක්ම වගේ තරඟය පවත්වන කාල සීමාවට වඩා කාලයක් ඕව සංවිධානය කරන්න යනව. මේ තරඟය සංවිධානය වෙච්ච් විදිහ ගැන පොඩි විස්තරයක් ඒව ගැන දැනගන්න වෙන්නේ නැති අය වෙනුවෙන් ලියා තියන්න තමයි සූදානම.

මේ පිළිබඳව පළමු සාකච්චාවේදීම ගත්ත තීරණයක් තමයි අන්තරේ අය පෙළපාලියට දින තුනකට පෙර ඒ සඳහා සහභාගී වෙන අයගේ ප්‍රමාණය පොලිසියට දන්වන්න ඕන කියන එක. ඒකට හේතු වුණේ මීට කලින් තිබ්බ තරඟ කීපෙකම හැමෝටම හොඳට වදින්න ගහන්න කඳුළු ගෑස් මදි වෙච්ච එක. ඒ අඩුපාඩුව ගැන කථා කරපු අන්තරේ නියෝජිතය කිව්වෙ ඒ ගොල්ලො ගොඩක් වෙහෙසිලා හොයාගෙන එන අයට භුක්ති විඳින්න ප්‍රමාණවත් කඳුළු ගෑස් ප්‍රමාණයක් පොලිසියෙන් ලැබෙන්නේ නැහැ කියන එක. 

Wednesday, May 17, 2017

යහපාලන ආර්ථික දර්ශණය


(2018 මැයි 8 ලංකාදීප) “අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.
ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.

Tuesday, May 16, 2017

රට නගන මඟ 1 - උසස් අධ්‍යාපනය සහ සිසුණය ක්‍රමය


දියුණු රටවල් වල මෙන් ලෝක පිලිගැනීමක් ඇති ගුවන් යානා හෝ මෝටර් රථ නිශ්පාදනය කිරීමට අපට නොහැකි වී ඇත. තේ සහ ඇඟළුම් හැරුණු විට චීනය වැනි නිශ්පාදන පිරිවැය අඩු රටවල් කරන අපනයනයන් අපට නිශ්පාදනය කිරීමට නොහැකි වී ඇත. අපට තවම තෙල් සොයා ගැනීමට නොහැකිවී ඇත. එහෙත් සිසුන් විශාල ප්‍රමාණයකට තාක්ෂණික විෂයයන් කියා දීමට හැකි උගතුන් අපට සිටියත් එක සාක්ෂාත් කරගැනීමට හැකිවෙලත් නැහැ . ඒ සඳහා අවශ්‍ය වන්නේ  සියළු දෙනාට අධ්‍යාපනය ලබා ගැනීමට ක්‍රමයක්, අදාල ගොඩනැඟිලි, සුදුසුකම් වලට සහතිකයක් ලබා දීමට බලය ඇති විශ්ව විද්‍යාල වැනි ආයතන පමණයි. මේ සඳහා කළ යුත්තේ උසස් අධ්‍යාපන නියාමන කොමිසමක් හරහා විශාල පිළිගත් පෞද්ගලික ආයතන වලින් ආයෝජන ලබා ගෙන එක දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එකක් හෝ වන සේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමයි. කාලයක් යනවිට මාලදිවයින වැනි ලඟ පාත රටවල සිසුන්ටත් උසස් අධ්‍යාපනය සපයන කේන්ද්‍රස්ථානයක් බවට මේ රට පත්වනු ඇත. අළුතින් බිහිවන විශ්ව විද්‍යාල වලට ජාත්‍යන්තර පිළිගැනීම් ලැබීමෙන් අන් රටවල් වල අයද අධ්‍යාපනය සඳහා පැමිණීමෙන් අද අධ්‍යාපනය දීමට අපෙන්  මුදල් ලබා ගන්නා චීනය, බංග්ලාදේශය , බෙලරුස් මෙන් අපද අන් රටවලින් මුදල් සොයා ගන්නා රටක් බවට පත්වනු ඇත

Sunday, May 14, 2017

ලක්ෂෙට කොඩිය සහ පූටින් ගේ නොමඳ සහය

රුසියානු ජනාධිපති පූටින් මහතා


මේ සුමානෙ මේ බ්ලොග් එකේ හිට්ස් ගාන ලක්ෂය පහු කලා. මම ලියන විකාර කියවන්න මෙච්චර කට්ටියක් ඉන්නවද? ඇත්තම කථාව එහෙම විශාල පාඨක සංඛ්‍යාවක් නැහැ. මේ හිට්ස් ගාන වැඩිවෙන්න හේතුව රුසියාවේ සයිට් වලින් එන බොරු හිට්ස්. මගේ ඇස්තමේන්තුව පහුගිය අවුරුදු 2 දී වැඩිම වුණොත් 25,000 ක් හිට්ස් ලැබෙන්න ඇති.ඉතිරි 75,000 පූටින් සහෝදරයාගේ සාදර අනුග්‍රහයෙන් ලැබෙන බොරු හිට්ස්. උදාරණෙකට පසුගිය මාසෙ හිට්ස් 5,000 ක් විතර ලැබිල තියෙනවා. ඒවුණාට පෝස්ට් වල කවුන්ට්ස් වැඩි වෙලා තියෙන්නේ 1,000 කින් විතර. එතකොට 4,000 ක් විතර පෝස්ට් නොකියවන හිට්ස්. ලැබෙන රටවල් බැලුවම 80% ක් එන්නෙ රුසියාවෙන්. 




2009 ඉඳන් 2015 වෙනකම්ම තිබ්බෙ හිට්ස් 500 කට වඩා අඩුවෙන්. හිට්ස් දාකට වඩා අඩු ගාණක් තියෙද්දි බ්ලොග් එක සින්ඩිකේටර්ස් වල එල්ලන්න උපදෙස් දුන්න චෙෆාකි සර් ටත්, මගේ විකාර කියවපු අයටත්, කියවන්නන් විශාල ප්‍රමාණයක් යොමු කල මාතලන්ගේ සින්ඩිය, කොත්තු සින්ඩිය, අටම්පහිය වැනි සින්ඩි වලටත්,  ට්‍රම්ප්ව දිනවන්න මහන්සිවෙන අතරේ හිට්ස් 75, 000 ක් විතර එවල හිට්ස් ලක්ෂය පහු කරන්න උදව් කරපු පූටින් මහත්තයටත් බොහොමත්ම ස්තූතියි කියන්න මේ අවස්ථාව යොදාගන්නවා.


බ්ලොග් ලෝකෙට අළුතෙන් හඳක් පායලා. සඳවතිය බ්ලොග් එකට මෙතනින් ගිහින් එකතුවෙන්න.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Monday, May 8, 2017

වර්ජක වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීම වැරදියි

වෛද්‍ය නලාවක් කරේ ලාගත් කෙනෙක් සහ මාංචු යුගලක්

වෛද්‍ය සින්දූපා සෙනවිරත්න මහත්මියගේ ෆේස්බුක් සටහනක් කියවීමෙන් මෙය ලිවීමට සිත්විය. ඇයගේ පෝස්ට් එකට හේතුව නම් දොස්තර වර්ජනය ගැන අදහස් දැක්වූ අයෙක් වර්ජනය කරන දොස්තරවරුන්ට හෙන හතක් වදින ඉල්ලා සිටිමින් රූපවාහිනියේ වාර්ථාකරුවකුගේ ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස කරන ලද ප්‍රකාශයකි. දොස්තරවරුන් ප්‍රතිකාර කිරීමේදී සහ ශල්‍ය කර්ම සිදුකිරීමේදී, හදිසි අනතුරු අංශ වල සේවයේදී කරන දේවල් සඳහන් කරමින් ඇය එම පුද්ගලයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කරයි. එය කියවීමෙන් මට ඇතිවූ පළමුව හැඟීම නම් දොස්තර වර්ජනය ගැන එය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවූ අය කිව යුත්තේ "වර්ජනය කල නිසා ඒ උත්තමයන් බුදුන් දකින්න" කියාද යන්නයි.  

Saturday, May 6, 2017

ශ්‍රී ලංකන් ගුවන් සේවය හොම්බෙන් යාම

ෂ්‍යාමන් ජයසිංහ
ෂ්‍යාමන් ජයසිංහ
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ’ කතාන්තරය දැන් මුලූ රටම දනී. මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු පාලන කාලය ගැන තවමත් ප‍්‍රශස්ති ගයන සහ ඔහු යළි බලයට පත්වීමක් ගැන කෑමොර දෙන අයවළුන්ට යෝනිසෝ මනසිකාරය වඩවා ගැනීමට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍ය නොකෙරේ.
මේ සිද්ධිය වනාහී, රටක විනාශයේ විභවය පෑදූ, දුර්භාග්‍යවන්ත ආණ්ඩුකරණ මාදිලියක් පිළිබඳ ආඛ්‍යානයක එක් අංගයකි. අධිකාරීවාදී මජර තන්ත‍්‍රයන් අයාලේ ගොස් තුවාලයක් වූ විවිධ ඓතිහාසික අවස්ථාවන්ට මෙය තවත් උදාහරණයකි. එබැවින් මොනයම් හෝ පුද්ගල කෝන්තරයකින් පරිබාහිරව, අනාගතය සඳහා අදාළ කර ගත හැකි දර්ශකයක් හෝ ආදර්ශමත් අධ්‍යයනයක් වශයෙන් මෙම සිද්ධිය සියුම්ව පරීක්ෂාවට ලක් කිරීම වටනේය. මහා අසාර්ථකත්වයක් පාඩමක් කර ගත හැකි අත්දැකීමක් බවට පත්කර ගත හැක්කේ එයාකාරයෙන්ම පමණි.