Tuesday, May 31, 2016

මොකද කියන්නෙ?


ලඟදි ඇතිවෙච්ච ගංවතුර තත්ත්වයත් එක්ක බොහෝ සංවේදී අය අනික් අයගේ උදව්වට ආවා. ඒඅතරම 'මාක්ස්වාදීන්' එනම් ලකුණු දාගැනීමට බලා සිටින දේශපාලකයින්, රූපවාහිනී නාලිකා ආදියත් ඒගොල්ලන්ගෙ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වුණා.  අවස්ථාවාදීන් ඕනෑම තැනක ඉන්නවා. ඒවුණත් අපේ මිනිස්සුන්ගේ අනුන්ගේ දුකට සංවේදී බව නම් ඉතා ඉහලින් තිබුණා. ඇත්තටම මේ ගුණාංගය මේ රටේ දුප්පත් කම නැතිකිරීමට භාවිතා කරන්න බැරිද?   

Friday, May 27, 2016

වයස 22-23ක් වනවිට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට යුතුයි

ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.27, පෙ.ව‍‍.4.20) තව වසර දෙක තුනකින් අපොස සාපෙල යනු සමත් අසමත් භාවය මනින විභාගයක් නොවන බවත් ඒ සඳහා ප්‍රතිපත්ති හදන බවත් කී අගමැතිවරයා  සියළුම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරිගණක බෙදාදීම ඊයේ(26) ආරම්භ කෙළේය.  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැදගත් කතාවක් කෙළේය. 
“සියලුම විශ්ව විද්‍යාල සිසුනට ඩිජිටල් සම්බන්ධතාවය ලබාගැනීම සඳහා පහසුකම් අද සිට සැලසෙනවා. මෙතෙක් කලක් විශ්ව විද්‍යාල සිසුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර මිලදී ගත්තේ දෙමාපියන්ගෙන් ලබාගත් මුදල් වලිනුයි. නමුත් තවත් පිරිසකට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තිබුණේ නැහැ. අධ්‍යාපනය හදාරන අයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් තිබීම විශාල වාසියක් බව කිව යුතුයි. එයින් විශාල ප්‍රයෝජනයක් තිබෙනවා. ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් නොමැති නම් එය අධ්‍යාපනය ලැබීමේදී අවාසි සහගත තත්වයක්.

Tuesday, May 24, 2016

ජංගම දුරකථනය මගින් ද අධ්‍යාපනය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.24, පෙ.ව‍‍.4.40)  සෑම සිසුවෙකුටම පාහේ වර්තමානයේ දී ජංගම දුරකථනයක් තිබෙන අතර එම ජංගම දුරකථනය මගින් ද අධ්‍යාපනය ලබා ගැනීමේ නව ක්‍රමවේදයන්ට අප ගමන් කළ යුතු යැයි කියමින් ලංකාවේ අනාගත අධ්‍යාපන සිහිනය යථාර්තයක් කර ගන්නා ආකාරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙලි කෙළේය. ඒ ඊයේ (23) බම්බලපිටිය මුස්ලිම් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. වසර 75 කට වඩා පැරණි බම්බලපිටිය මුස්ලිම් බාලිකා විදුහලේ මෙම උත්සවයට අධ්‍යාපන ඇමැතිවරයා ද සහභාගී විය. 

වැඩි දුරටත් කථා කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.... “වසර 13 ක් අනීවාර්ය අධ්‍යාපනය ලැබීම සඳහා අධ්‍යාපන ක්‍රමයක් අප ඇති කර තිබෙනවා. මුස්ලිම් කාන්තා විද්‍යාලය වැනි පාසල්වල සිසුනට නම් අනිවාර්යෙන්ම වසර 13 ක අධ්‍යාපනයක් ලැබෙනවා. මේ ආසන්නයේ ඇති හින්දු කාන්තා විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය වැනි පාසල්වලත් සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබෙනවා. නමුත් රටේ බහුතර පාසල් සංඛ්‍යාවක එම වසර 13 ක සම්පූර්ණ අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ.