Tuesday, February 23, 2016

හනුමලාට රට ගිනි තියන්න දෙන්නේ නෑ - ගිවිසුම ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

උපුටා ගැනීම - දෙරණ - හනුමා වන්නම නටන්න තමන් කාටවත් බාධා නොකරන බවත්,ඕනෑම හනුමෙකුට වන්නම් නටන්න මේ රටේ දැන් නිදහස පවත්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එසේ වුවද හනුමලාට රට ගිනි තියන්න  ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව සමග එළඹීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම පිළිබඳ අද(23)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.  අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදීත්,මහ මැතිවරණයේදීත් අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තේ මේ රට ඉහළ තලයකට ඔසවා තබන්නයි. එහිදී අලූතින් රැකියා දස ලක්ෂයක් නිර්මාණය කරලීමේ වැඩපිළිවෙළක් අප ජනතාවට ඉදිරිපත් කළා. ඒ සඳහා අපේ වෙළඳපොළ පුළුල් කරගත යුතුයි. අපේ ඉලක්කය විදේශීය රටවල් ගණනාවක මධ්‍යයම පංතිය ඉලක්ක කරගෙන අපේ නිෂ්පාදන වෙළඳපොළ පුළුල් කර ගන්නට අප ක්‍රියා කරනවා. යුරෝපය, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තුර්කිය වැනි රටවල මධ්‍යම පාන්තික වෙළඳපොළ බිලියනයක් පමණ විශාලයි. අපේ සැලසුම ඒ වෙළඳපොළට ඇතුළු වීමයි. ලෝකයේ විවිධ රටවල් සමග ආර්ථික, වෙළඳ, තාක්ෂණ ආදී විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිද්දෙන් ගිවිසුම් අත්සන් කරන බව අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළේ ඒ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහායි.

Thursday, February 4, 2016

ජාතික ගීය දමිල බසින් සහ බෞද්ධ ධර්මය ලොවටම



අද දින පැවැත්වූ රාජ්‍ය නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කරනු ඇසීමෙන් මගේ රට ගැන ඉමහත් ආඩම්බරයක් ඇතිවුණි. නිදහස ලැබූ දිනවල සිටම තිබූ දමිල භාෂාවෙන් ගැයුණු ජාතික ගීය මම නොදන්නා හේතුවක් නිසා පාවිච්චියෙන් බැහැරව තිබිණි. 


1949 දී ජාතික ගීය දමිල භාෂාවෙන්ද ගැයුණු බවට සාක්ෂියක් 
දැනට දශකයකට පමණ පෙර රූපවාහිනී සාකච්චාවකදී අස්රෆ් හිටපු ඇමති  වරයා විසින් නැහෙනහිර පළාතේ පාසැල් වල ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කරන බව ඇසීමෙන් පලමු වරට මේ ගැන දැනගතිමි. මගේ ප්‍රියතම හිමිනමක් වූ සෝම හිමියන් මෙම සාකච්චාවේදී ඒයට විරුද්ධව අදහස් දැක්වූ විට මට ඇති වූයේ පුදුමයකි.